මිහිරාව ආවා
Mihirawa Awa
Music: චින්තක ජයකොඩි Lyrics: ජැක්සන් ඇන්තනී
Font size:
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුවරද නාවා (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ... සංසාරණ්ය යේ බෝම විසකටු තියේ මේ ආරණ්යරයේ ඉන්න මට පින තියේ (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ... හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ (මිහිරාව ආවා මධු රහස කීවා හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//) ඔය තුරුලෙමයි පියබඳේ ඔය තුරුලෙමයි පියබඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ...