බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න
Boralu Anena Paya Ridawana Wehesa Madak Niwaganna
Font size:
බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න ඔබේ සතුට මුහුණ අපට ටිකක් හොදින් බලාගන්න මහත්වරුණි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදිවැරුවා.... කැලේ ගිහින් නිදිවැරුවා කැපුන සඳුන් දන්ඩ දනී ඒ සදුනින් හිත තැවරූ සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා .... අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වඩී අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි .... රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වගේ නුඹට වගේමයි අපටත් දුක් පිඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී .... කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිද හීනේ පුංචි එවුන්ටයි ලස්සන කිරු ගරුඩෙන් කවිය වුනේ බොරළු ඇනෙන ....
Singers
Data
Last updated May 2026