Font size:
හිරුට හොරා සඳු හෙමිහිට නැග එනවා මලට හොරා මල වෙත බඹරිඳු එනවා නෙතට හොරා නෙත කඳුළැලි දැවටෙනවා මටම හොරා නුඹ මසිතටම ලං වෙනවා විඩා සිතට සුව සෙවනක් වූවාය කාන්සියට රස මුසු බස් දෙඩුවාය සිතා ගන්න බෑ හසරැලි මැකුනාය වළාරොදක් සේ ඈතට ඇදුනාය හිරුට හොරා .... නෙලාගන්න බැරි වූ නුසුමක් වන්ට පූරුවේ කරපු පින් පල මදිවා වෙන්ට මතු ජාතියේ හිරු සඳු ලෙස දැක ගන්ට පතා ගනිමු එක නුවරක උපදින්ට ///
Singers
Data
Last updated May 2026