Home/Songs/සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද

සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද

Sadata Danenawada Mey Duka Hiruta Danenawada

Font size:
සඳට දැනෙනවද මේ දුක හිරුට දැනෙනවද
මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද //

හඳට දැනෙන දා සඳ මා නමින් හඩවි
හිරුට දැනෙන දා හිරු ඒ සොවින් හඬාවි
ඒ සඳට වඩා හිරුට වඩා ඔබට පෙම් කලා
අද මගේ දුකට ඔබේ සිතේ නෑ අනුකම්පා

සඳට දැනෙනවද ....

සඳට කියන දුක නෑ මම ඔබට කියන්නේ
හිරුට දැනෙන මුත් එය නෑ ඔබට දැනෙන්නේ
හිරුයි සඳුයි තරහ උනත් තරහ නොවන්නේ
එහෙම කියූ ඔබ ඇයි මට පිටුපා යන්නේ

සඳට දැනෙනවද ....//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.