Home/Songs/විරාජිනි රජ වෙන්නට

විරාජිනි රජ වෙන්නට

Wirajini Raja Wennata

Font size:
විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ නළලේ තිලකේ

ඉරේ පාට හැන්ඳෑවට තිලකය තියලා නළලට
හිනැහෙන කොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවනට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී

මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.