Home/Songs/සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

Sina Mal Godak Para Depaththe

Music: විජයරත්න රණතුංග Lyrics: රත්මලේ බන්දුල ගුනවර්දන
Font size:
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ
කදුළු මල් ගොඩක් පාර දෙපැත්තේ
නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක් 

බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ළීයට වාගේ අම්මේ
ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ
සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක් 

අහන්න ආසයි තුරුහිස කුරුළු ගී පිරේ
අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ
ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුළු ගලයි
ඒ ගී උල්පත ගැන නෑ මගේ දූ දන්නේ

සිනා මල් ගොඩක් ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.