Home/Songs/හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ

Hemadama Hadana Hitha

Font size:
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ...

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ..
කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ...

හැමදාම හඬන සිත....

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ...
අද නැති මුත් ලඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.