Font size:
සුහුඹුල් වත නිකැළැල් සිප ගන්නැ රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා මුතුවැල් වගේ හසරැල් පරදාවි නිල් මානෙල් මල් සැමදා ඔබේ රූ හන්දා රෑ පුරා මුළු රෑ පුරා නිදිවරා මා නිදිවරා කල්පනා හීනයක තනි උනා මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ...... ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරු ගානින් අඳුරේ මුදු වදනින් ඔබ ඇමතූ වේලේ හද පිපුනා මට දැනුනා ඔබ වෙනුවෙන් ආදරේ මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ...... නිල් අහසින් බැස ආ සඳ සාවී විල් තෙරදී අපි හමුවෙමු කුමරී දිගු දෙනුවන් මත මා දල්වන්නි සිප ගනිමි යලි හමුවී මතු දවසක ආදරේ මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණි මා යන්තම් සිප ගන්නම් තුරුලේ සඟවන් මල් මාලිනි මාගේ......
Singers
Data
Last updated May 2026