දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
Duka Danne Wena Kauda
Font size:
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන් එනමුත් අපේ කරුණු එක්කර තවත් සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක් දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් හැර යන්න ආදරයෙ නිර්මල පැතුම් පාරන්න හිතුවාද ඇති කර ගැටුම් // වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම් පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින් දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් ඝණඳුරට පෙම් බඳින තරු යායට මල් යාය විකසිත වෙලා කුමකට // මං ආයෙ හිනැහෙන්න උර මඬළට ළං වෙන්නෙ නෑ කඳුළු පූජා කර දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම් මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන් එනමුත් අපේ කරුණු එක්කර තවත් සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක් දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
Singers
Data
Last updated May 2026