Font size:
ආකාසේ රැස් විහිදා ඉර පායා එන්නේ හඳහාමි රන් තැටියේ කිරි පැණියි දෙන්නේ අපි වාගේ පුංචි ළමුන්ටයි // හ්ම් ම් පුංචි පුංචි සමනළ්ලු ගෙයි මිදුලට එන්නේ ඈත මෑත මල් පිපිලා සුවඳ විහිදුවන්නේ පාට පාට ගෑවෙන්නේ ලස්සන දේදුන්නේ රෑට රෑට දිලිසි දිලිසි තරු වැල් බැබළෙන්නේ අපි වාගේ පුගේ පුංචි ළමුන්ටයි // රංචු වරංචු කුරුලු පැටව් කිචි බිචි හඬ දෙන්නේ ඩිංගි ඩිංග ඤාව් ඤාව් ගගා පූසි ළංවෙන්නේ චූටි චූටි බලු කුක්කා වලිගෙ වනා එන්නේ හිංපචි පිංචි වහු පැටියා උම්බෑ කියන්නේ අපි වාගේ පුංචි ළමුන්ටයි //
Singers
Data
Last updated May 2026