වරද පිළිගන්නවා
Warada Piligannawa
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
වරද පිළිගන්නවා ඔබ සමඟ මා සිටි ඒ කාලේ තව කෙනෙක්ගේ වෙලා සිටිය බව කාටත් හොර රහසේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා (මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ....//) මහ මෙරක් වගේ ඔබ කෙරුව ආදරේ තඹ දොයිතුවට පිළි නොගෙන මං පෙර දිනේ වෙන හිතක් කෙරේ ලුහු බැඳන් මම ගියේ කවදාවත්ම ඔබ තනි කරන්නට නොවේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා (මොන දේ කළත් තිබෙන තුරු ජීවිතේ ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ....//) මරණ මංචකේ පැමිණෙන්න පෙර මගේ ඇති තැන ඉඳන් ඇවිදින් යළිත් මා කෙරේ පිසදමා නෙතේ කඳුලැල් අතින් ඔබේ අවසන් වරට මට සමා වෙනු මැන ළඳේ අඩුපාඩු නොතිබෙනා දෙවියෙක් නොවෙයි මෙමා දැන් ඔබට අමතකද මං මිනිහෙක් කියා වරද පිළිගන්නවා.....