Home/Songs/මගෙ මළගම

මගෙ මළගම

Mage Malagama

Music: සෝමසිරි මැදගෙදර Lyrics: ඩිෂාන් නානායක්කාර
Font size:
මගෙ මළගම දා දෙන අබියස සිට 
අතීතය සිහි කරනු එපා
සුදු පාවඩ එලූ සුසාන මාවත 
ඔබේ කඳුලින් තෙත් කරනු එපා
ඔබේ කඳුලින් තෙත් කරනු එපා

ජීවිතයේ පෙර සුන්දර සමයක
දයා බවක් නැති ඔබෙ ගල් හිත ළඟ
හැපී බිඳුනු මගේ සිතුවිලි සයුරට
දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
සුදුපිරුවට ඇඳ ඔහු අසලින් හිඳ
සිහි නොකරනු මැන ඒ අවසන් දින

ජීවිතයට නව අරුතක් එක් කල 
ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
ජිවිතයක් මට තිබුනේ නැති බව
කවුරු පැවසුවත් ඒ අවසන් දින 
සුදු පිරුවට ඇඳ ඔහු අසලින් හිඳ
මා වෙනුවෙන් හිනැහෙනු අවසන් වර

මගෙ මළගම දා...........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.