Home/Songs/ශ්‍රීයා මනමත් වී

ශ්‍රීයා මනමත් වී

Sriya Manamath Wee (Siha Shakthi)

Font size:
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා 
උන්මාද වේවි හර්දේ...//)
(සනසාපන් මේ මාව කල් නෑර 
පින් සාර රන් ළන්දේ...//)
(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා 
උන්මාද වේවි හර්දේ...//)

(සිඹ ගන්ට තීගේ මුණ දෙනවානම් 
බෝම පින් අත්වේ...//)
(මාගේ මනාපේ ප්‍රසිද්දේ 
මං කීවෙමි ළන්දේ...//)
මං කීවෙමි ළන්දේ...

ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා 
උන්මාද වේවි හර්දේ...

(පොඩි දන්ත මුතු සේම දිලිසෙ 
කල්‍යාන ළන්දාගේ..//)
(පෑවූ  ආකාසේ චන්ද්‍රා සේ 
දිස්නේ වත තීගේ..//)
දිස්නේ වත තීගේ....

(ශ්‍රීයා මනමත් වී මාගේ දැකලා 
උන්මාද වේවි හර්දේ...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.