සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා (අම්මා සදාදර ඔබයි මගේ අම්මා)
Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma)
Music: අතුල අධිකාරී
Font size:
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා අම්මා සදාදර ඔබයි මගේ අම්මා පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය පියා නොමැති ලොව හිරු සදිසි මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය හෙලූ කඳුළු කැට දිරිය වුණි අම්මා සදාදර ඔබයි මගේ අම්මා මෙත් මුදිතා හද සවනක් රැස් මැද මගේ පුංචි ලොව ඔබ සුරකී හදේ තෙතක් නැති පියා නොමැති ලොව දිරිය මවුනි ඔබ බුදුවන්නී අම්මා සදාදර ඔබයි මගේ අම්මා සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා අම්මා සදාදර ඔබයි මගේ අම්මා/// අම්මා.....