මගෙ සතුට අරන්
Mage Sathuta Aran
Music: විරාජ් පෙරේරා Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තරම් මුළු ලොවට හොරෙන් පෙම් කරානේ මං දිවියේ පුරා ඔබ එන තුරා.. මම ඉන්නවා තනිවෙලා.. සැනසුම ඔයා ගෙනෙනා තුරා.. මම ඉන්නවා මඟ බලා.. තනිකම රැදිලා මේ පපුව පුරා.. උණු කඳුළු බිංදු වැටුනා.. හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙතියේ.. මහ මෙරක් තරම් පිරිලා.. පණ වාගේ ඉන්නවා කියා.. හැරදාලා ඔබ ගියේ එදා.. මගෙ හිතේ සැනසුම අරන් ඔයා... පෙම් වචන පවා අමතකව ගිහින්.. හිත රිදුන හින්දා හඬලා.. ඔබ ආයේ ඇවිත් හීනයට මගේ රිදවන්නේ ඇයි ද හැමදා.. පණ වාගේ ඉන්නවා කියා.. හැරදාලා ඔබ ගියේ එදා.. මගෙ හිතේ සැනසුම අරන් ඔයා.. මගෙ සතුට අරන්..
Singers
Data
Last updated May 2026