Home/Songs/බින්ද මගෙ සිත් දැහැන

බින්ද මගෙ සිත් දැහැන

Binda Mage Sith Dahana

Music: නවරත්න ගමගේ
Font size:
බින්ද මගෙ සිත් දැහැන නොසෙල්වී වැඩ වසනා
යග්ගලේ මහ කන්ද ඇය වගෙයි
කන්ද පාමුල ගලන සිසිලසම සරිකරන
සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි

සුළි සුළං අකුණු සැර වැහි කෝඩ ලැව් ගිනිද
දිවා රැය අරුමයක් නොවේමැයි
දුක් ගැහැට හිරිහැරද ඉවසනා මේ කන්ද
මගේ හද ගැබ සෙනේ වඩාලයි
යග්ගලේ මහ කන්ද ඇය වගෙයි

කිසිදු අහිතක් නැතිව දරා පරමල් පෙතිද 
ළගග්නා තනුවක ගලා යයි
සසර ඉම පිළිසිඳුම සදාකල් නොනවතින
ඇගේ ළයේ ස්නේහය වගේමයි
සොඳුරු මාගල් ගඟත් ඇය වගෙයි

බින්ද මගෙ සිත් ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.