Font size:
දූ ඉඳිවී පෝරුවේ පියෙක් බලා හිඳි නෙත් පුරා සිනා සිසී මට පියෙක් වෙලා උරුම නෑ ඒ උතුම් දිනේ මගේ දුවේ... දූ උපන්න දා නුඹේ අවාසනා පියා ජීවිතේ අනාගතේ අපි මෙසේ උනුන් වෙන් වෙතැයි සිතුවේ නෑ ප්‍රේමවන්ත දියණියේ...... පෝරුවේහි ඉන්න දා මගේ දූ එය දකින්න මට වරම් ලැබේදෝ පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා ජීවිතේම වේදනා දරාලූ...... දූ ඉඳිවී පෝරුවේ...... මෑණියන්ට වඳින රෑ වේලාවේ තාත්තාද දූට සිහිවුණාවේ මට කියන්න මගදී මුණ ගැහිලා මං තාත්තේ තරහා නෑ කියාලා....... දූ ඉඳිවී පෝරුවේ......
Singers
Data
Last updated May 2026