Font size:
උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ තාමත් එහෙමයි - මට අමතක නෑ තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං දුව පැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ තාමත් එහෙමයි - මට අමතක නෑ තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ තාමත් එහෙමයි - මට අමතක නෑ තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ යං යං යං යං අපි සැනසිල්ලේ යං යං යං යං යං යං යං යං අපි නැළවිල්ලේ යං යං යං යං
Singers
Data
Last updated May 2026