තව දවසක්
Thawa Dawasak
Music: ඩ්‍රිල් ටීම් Lyrics: ඩ්‍රිල් ටීම්
Font size:
ඔයා හමුවෙද්දී මගේ හදවතේ කෙල්ලේ හිඩැසක් අරමුණ වුණේ හදන්නට නිවසක් තනිවුණ තනිකම වුණා වෙනසක් තිරස් වුණා දුරස්කම කෙලින් වුණා සිරසක් මල් හීසර ඔබේ ගී හඬ නොදැනිම ඔබේ වී මේ හද ආදර ඔබේ කතාව බලන් ඉන්න ආසයි කෙල්ලේ ඔය විලාසිතාව යමු යට කුඩයක අපි උදයක තෙමේ පොද වැස්සේ කෙල්ලේ දිනයක මන්දාරමේ ඔයා දුටු දින ඉඳන් තනිකම අවදානමේ ආසයි ඔබ බලා සිතුවම් අඳින්නට පින්සලක් වී තොල් මත ඇවිදින්නට ඔය හද පිරික්සන ඇල්මෙක දිස්නේ මා හිත කොනිත්තන බැල්ම නම් ඉස්තරම් මේ ගමනේදී එයි කෙල්ලේ බාධක එක්වෙලා හොයමුද සාධක හීන මැව්වා ඇති වවමුද යායක ඔයා වෙන්න ගීය මම වෙන්නම් ගායක ඕන නැහැ මට වෙන්න වගේ සාලිය රැක ගන්නම් ඒක රාජකාරිය රාජකාරිය රාජ කුමාරිය වෙනවද කෙල්ලේ බෝනගෙ මනමාලිය... මේ ගින්න කන්තාරේ ඔබ නිව්වා සංසාරේ සැනසෙන්න මා හා එන්න මා හා ලංවෙලා සඳේ තව දවසක් ඔබ හා සිපගන්නම් වෙලීලා තුරුලේ සුවසේ තුරුලේ ඔබ මා... කළා දඟකම් හිතුමතේ මොහොතක් ගානේ හද ඔබ ලිව්ව දේ ඔයා කිව්වා මම ඔයාගේ උරුම දේ වුණ හොඳම දේ ඔයාව දිනුව දේ කෙල්ලේ එක් වී හදමුද අපි අහසක් එක් වී සිහින මවමු දහසක් මකා දමමුද අර තරු රෑන අතිනත් අල්ලා බලමුද ඈත තත්පරේකට නෑ හුදකලා හිත අස්සේ ඉඳලා ඔයා මුර කලා ලොව ලස්සනම දෑස බිහි කළා පිනි වැස්ස වහින බිහිසුණු කලා නොනිද පාර අපි නොහිත වාර දුටු මුල් දින සංවාදේ කෙරුවේ පාට දඟකාර දෑස කළා ඔයා සමාදාන පැහැදිලියි අනාගතේ යමුද පාද... (මේ ගින්න කන්තාරේ ඔබ නිව්වා සංසාරේ සැනසෙන්න මා හා එන්න මා හා ලංවෙලා සඳේ තව දවසක් ඔබ හා සිපගන්නම් වෙලීලා තුරුලේ සුවසේ තුරුලේ ඔබ මා...//)