Home/Songs/ගුම් නාදේ රෑනින් රෑනේ

ගුම් නාදේ රෑනින් රෑනේ

Gum Naade Raanin Raane

Font size:
ගුම් නාදේ රෑනින් රෑනේ මීමැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ
සිත් යායේ සිත් මල් පීදී මල් මී දෝ වැහෙන්නේ
හීනෙන් දුටු පාරාදීසේ සිත්තම්දෝ දිස්වන්නේ

ගංගා දිගේ සීතේ දිය වැල් සුරයි
පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි
පෑවාට සිත්සේ දස්කම් දඟකාරකං
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රීතියෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ //

හද්දා කැලේ කවුරුන් රහසින් එබෙයි
හැංගී බලා ඔය කවුදැයි ලංවී කියන්
කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම්
මා ගාව ඉන්නයි කිව්වේ හැර මෝඩකම්

මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන්
මුළු ලොව පෑ ආදරෙන් සත්තයි .... ලැබෙයි ජීවිතේ //

ගුම් නාදේ රෑනින් රෑනේ ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.