Home/Songs/ගලන ගඟකි ජීවිතේ

ගලන ගඟකි ජීවිතේ

Galana Gangaki Jiwithee

Music: අමරදේව W D Lyrics: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
Font size:
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ...//
මිහිර පතා ආදරේ
ලපළු නටයි ගංතෙරේ...

වැලිතල කිති කවන නටන
පෙම් රළ වැළ ඉවුරු බඳින..
මිහිතලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැලැවෙන..

ගලන ගඟකි ජීවිතේ...//

පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..//
කුරුළු ගී නගයි...
ආ..දරේ..බැදීලා..

ගලන ගඟකි ජීවිතේ...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.