බෝපත් අතරේ
Bopath Athare
Music: බිබිලියාදෙණිය මහානාම හිමි Lyrics: ඇහැලේපොල මහින්ද හිමි
Font size:
බෝ පත් විසිරී විසිතුරු මළුවේ මල් ගොමු සුපිපේ බුදු රුව හමුවේ සුදු රෙදි සුදිනේ මහ වෙහෙරේ ගම්මානේම අද සිල් සුවඳයි (බුදු හාමුදුරුවනේ.......////) තරු පෙති සඟවා පුන් සඳ පායා කුමුදු මලින් ලෝ සුවඳින් නහවා බුදු හිමි පා මුල පහන් දිලෙනවා ගම්මානේම අද පින් පාටයි (බුදු හාමුදුරුවනේ.......////) කෙලෙස් මලින් ලෝ සත මුදවා සව් සත සසරින් එතෙර කෙරූ සම්බුදු හිමියන් වැඩියා වාගේ ගම්මානේම ලෝ තුරු සුවඳයි (බුදු හාමුදුරුවනේ.......////)