Home/Songs/මං බොලද වියේ

මං බොලද වියේ

Man Bolada Wiye

Music: ෂර්ලි විජයන්ත
Font size:
මං බොලද වියේ බැදි ආදරේ
ඔබ හා ආදරෙන්...
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්...

ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් හසුවේවී මදනල අතරේ... 

අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...

මං බොලද වියේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.