Home/Songs/චණ්ඩ හිරු රැස්

චණ්ඩ හිරු රැස්

Chanda Hiru Ras

Font size:
චණ්ඩ හිරු රැස් කුපිත වී
අවුළුවයි කොන්ක්රීට් නගරය
ගිලන් ලොවකට පාර පෙන්නයි
දසත නැගෙනා විෂ දුමාරය
තාත්තේ මම ගමට එනවා
කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස

නින්ද අවුරා කනට කොදුරා රැය පුරා 
මදුරු සේනා ගයති මළපොත
මේ දකින්නෙත් ගමේ සඳමයි
නමුත් සඳ රැස් දවයි මුළු ගත

මෙපුර හැරලා ගමට වැඩලා වැහි වළා
ජල සලාකය වඩයි සරතැස
තාත්තේ මම ගමට එනවා 
කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.