සුසුමද කුසුමකි හද පිරිමදිනා
Susumada Kusumaki Hada Pirimadina
Font size:
සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔබ මුණගැසුනා // සුසුමක දුක් බව දෙතොලෙහි තවරා කුසුමක් සේ මට දෙන්න ඒ කුසුමෙන් පෙම් විකල්පයක් මෙන් සුවඳත් අරගෙන එන්න තව සුසුමක් නොහෙලන්න කුසුමක් වී ලඟ ඉන්න සුසුමද කුසුමකි .... කඳුළක උණුසුම කොපුලට දැනෙනා මොහොතක හිස සිඹ ගන්න ඒ මොහොතෙහි පෙම් හසුනක ගොනුවු සෙනෙහස මෙනෙහි කරන්න ඔබෙ හද මා හට දෙන්න මා හද ඔබ අරගන්න සුසුමද කුසුමකි ....
Singers
Data
Last updated May 2026