Font size:
(සසර සයුරෙන් එතෙර වෙනකං ඔබේ අත මං අරන් යන්නං...//) සීත දිය ඈත මෑත වෙන පාට පාට ගැඹරේ වාළුකා නෑවී නෑවී නැගෙනා රළ අතරේ (කවඩි මුතු සේදී සේදී රැඳෙනා ගිරි පවුරේ ඔබේ මතු දෑස දිලිසී දිලිසී මාව සෙව්වේ...//) සසර සයුරෙන්.../ මේඝ ගොර ගර්ජනා නැගෙනා අඳුරු දියඹේ සුසුම් මැද පාවී පාවි සැලෙනා කුණාටුවේ (ශෝක හද වාවගනු බැරි වී ඉබේ හැඬුනේ ඔබේ මදහාස පහස හින්දයි මා සැනසුනේ...//) සසර සයුරෙන්...//