Home/Songs/ඔබ කඳුලේ උපතයි

ඔබ කඳුලේ උපතයි

Oba Kandule Upathai

Music: ප්‍රියා සූරියසේන Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.