Home/Songs/මට සිතාගන්න බැරි

මට සිතාගන්න බැරි

Mata Hithaganna Bari

Font size:
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
මට දරාගන්න බැහැ නෙතු අග කඳුළු බොඳවෙලා
ඇස් පියලි අඟින් ඉඟි කැ මට ආදරේ කියා
යන්නට හදයි ඒ මතකය මට ලියා තියා
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා

රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා
ළඟ උන්නු තරුව නෑ කොහොදෝ ගිහින් සැඟවිලා
ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා

ආදර කවියේ පද එකිනෙක අමුණලා ඹයා
ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා
මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා
ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා

මට සිතාගන්න බැරි තරමට ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.