මට කළ ආරාධනා
Mata Kala Aradhana
Music: කසුන් වික්‍රමසිංහ Lyrics: කසුන් වික්‍රමසිංහ
Font size:
හැඟුමක රස මැවී සිහිනෙක පාවෙවී ඉමී ඉවසුම් නැති හදින් ඉතිරෙන ආදරෙන් කුමරියකගේ මුවින් ගැහෙනා මුදු හඬින් පෙමින් අමතක වී සුසුම් තැවුල් පැතුමද ඉටු වුනා (මට කළ ආරාධනා නුඹේ නෙතු පානා සිනා හැම මොහොතෙම සුව කළා රන් හුයකින් එක් වෙලා...//) කඳුලැල්ලක්වත් නෙතු මත නොරැඳී නූපන් සුසුම් නොමැකෙනා සේ නුඹව රකිනවා සෙවනැල්ලක් සේ ඔබ ලඟම රැඳී පපුතුල උණුසුම් ගඟුලේ නුඹව දෝ වනවා පෙම් ගීතිකා හද පුරා මගේ ප්‍රේමී නමින් ලියවුනා මට කළ ආරාධනා....// රැඳුනා පැතුමන් සිට පෙර භවයකදී ඉවසුම් නොසන්සුන් උනා ඈ මගෙම වෙන තුරා කවුරුත්ම නොවූ දෙවිදුන් අතින් මැවූ පෙරුමන් දැරු පෙම් කතාවක් මෙලෙස ඇරඹුනා පෙම් ගීතිකා හද පුරා මගේ ප්‍රේමී නමින් ලියවුනා මට කළ ආරාධනා....//