Home/Songs/නැවතුන තැනම

නැවතුන තැනම

Navathunu Thanama

Music: කසුන් කල්හාර Lyrics: කසුන් වික්‍රමසිංහ
Font size:
නැවතුන තැනම මං එදා හිඳිමි ඔබ එවිදෝ සිතා 
තරහක් නෑ හිතේ සදා දුරකින් හිඳිමි ඔබ දෙස බලා 
යළි එවිදෝයළි නේවිදෝ මගේ හිත දන්නේ නෑ 
සතුට මට උරුම නෑ 

මං දුන්න ආදරේ ඔය හිතට මදිවෙන්නති 
මා වෙතින් මදිවෙච්ච ආදරේ ඔහු දෙන්නැති 
මට වඩා ආදරෙන් ඔබ ගව ඔහු ඉන්නැති 
ඒ නිසා මා ළගින් සමු අරන් ඔබ යන්නැති 
ඔබ යන්නැති 

ආදරේ කළ නිසා මට දැනෙන දුක වැඩේ ඇති 
සිහි වුනත් ඔබේ හිනා ඒ කතා ඉවසුම් නැති 
දැනෙන දුක ආදරේ මේ තරම් හැටි වෙන්නැති 
මට ඒ ඇති 

නැවතුන තැනම .......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.