Font size:
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත ඔබෙ දෑසම මා සෙවු තරම් … ඒ නෙතු කිසි දින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම් … ඔබ නොදනී මුලු ලොවම දනී … ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම් ඔබ නෙතු මගෙමයි පිරු පෙරුම්.. ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන් කඳුලැල්ලක් වී ගැලු තරම් ඔබ නොදනී මුලු ලොවම දනී.. ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා ඔය නෙතු තුල මා සිතු සිතුම් … බොඳ වු සිතුවම් බිඳුනු හසරැල් සොවින් මා ඒ හෙලු සුසුම් ඔබ නොදනී මුලු ලොවම දනී …
Singers
Data
Last updated May 2026