Font size:
බලන්න... බලන්න අරුණ සමග ලොවට පිපෙන තඹරු ගණන බලන්න මලක නොරැඳි මලක රොණක බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න ආදරේ සොයා ඔබත් ඇදෙන්න...// යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොළය අහස පොළොව අභිබවා ගියා මලින් මලට ඇදන බඹරු නොදැක ඇස පියා බලන්න බඹර තුඩක මලක රහස බලන්න.../ කොහෙන් පැමිණ කොහේ යමුද දන්නෙ නෑ එදා හොඳද මෙදා හොඳද අපිම දන්නෙ නෑ සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ සොයන්න මොටද නොතිර ලොවක රහස බලන්න...//
Singers
Data
Last updated May 2026