Home/Songs/දස මසක් පුරා මා නුඹගේ කුස දරා

දස මසක් පුරා මා නුඹගේ කුස දරා

Dasa Masak Pura

Font size:
දස මසක් පුරා මා නුඹගේ කුස දරා
ලේ කිරෙන් පොවා මා හදෙහි පන පොවා
ගං දියට මෙමා දෑතින් නුඹ විසි කලා
කෑ මොර දුන්නත් අම්මා මා හැර ගියා
කෑ මෙර දුන්නත් අම්මා මා හැර ගියා 

වතුර පෙවි හුස්ම ගන්න බැරි උනා
මරන බයෙන් ගොඩට එන්න වෙහෙසුනා
අවසන් මොහොතෙත් අම්මව සිහි වුනා
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා 
ඔබේ පුතා ගං පතුලට බිලි වුනා 

දස මාසේ ගාතාවේ පද කියා 
මම වැන්දා මගේ අම්මේ නුබේ දෙපා
විසි කරනා මොහොතේ වතුරට මෙමා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා
සිහි වුවේ නැතිදෝ ඒ මා කියා 

පන්සලකට දුන්නා නම් ඔබේ පුතා
සිවුරැ දරා සඟ රැවනක් වි සදා
අම්මාවත් සසරින් එතෙරට තියා 
සනසනවා අකලට පර වි නොයා
සනසනවා අකලට පර වි නොයා 
සනසනවා අකලට පර වි නොයා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.