Home/Songs/මටත් වඩා මං ගැන හිතන

මටත් වඩා මං ගැන හිතන

Matah Wada Man Gana Hithana

Font size:
මටත් වඩා මං ගැන හිතන
සැරෙන්  සැරේ මුළු හිත හදන
තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
පිරුණා මුළු හිතම
අළුත් වුණා දවසින් දවස
ඔබෙන් ලබා මුළු ජීවිතය
මට කියන්න බෑ ආදරේ තරම්
ඔයා ගෙනත් දුන්න

දෙනෙත් පුරා අරුණැල්ලේ සේයා
පැතුම් නෙලා හිත අස්සේ ගෑවා //
මටත් හොරා මගේ හිත හදපු නිසා
තුරුල් වුනා සතුටේ මල් පිපිලා

අදත් මගේ හැම සුසුමක් පාසා
මං ගැන කිව්වේ කොහොමද මන්දා //
මටත් මගේ ලෝකය ඔබ හින්දා
හුස්මක් ගානේ නුඹවම දැනුණා

මටත් වඩා මං ගැන හිතන .......
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.