Font size:
කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා පෙම් හීන යායේ මල් දේදුනු එලලා හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ කෙලිලෝල බැල්මෙන් ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී හිත ඉබේ ඔබ සොයා ඉගිලයේ හිත මගේ කෙලිලෝල බැල්මෙන්.../ සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන් සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ හිත ඉබේ ඉන් මිදී ඉගිලයේ කොයි කොහේ කෙලිලෝල බැල්මෙන්.../
Singers
Data
Last updated May 2026