Font size:
නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා ඉගිල්ලී රෑනේ ගියා ආයෙත් ආයෙත් ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල් නිල් නිල් දැහැනේ එලෙනවා සිත්සේ දොතොලේ පහසේ ඔබ මා සිඹිනවා සිහිනෙන් තැවෙනවා පමා වී ඈතට ඇදී මීදුමේ රැහැනින් මිදී හදවතේ ගිණි අවුලා මා දෑසේ ගිණි අතුරා මා දවා ඈ ගියා නතාෂා ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා සයුරෙ රළසේ සිහිනේ මියැදුණා සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා උකුලේ ළමැදේ සයනේ ඔබ මා සැනසුනා සිහිනේ මැවෙනවා නතාෂා හුස්මක් තියා නිදැල්ලේ සක්මන් කලා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා ඉගිල්ලී රෑනේ ගියා
Data
Last updated May 2026