කුමරි සඳසරා
Kumari Sandasara
Music: මහින්ද බණ්ඩාර Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
මලට සුවඳ පැහැය ලැබුණේ දියණියන් නිසා කුමරි සඳසරා ඉරට හඳට බෑ ගෙනෙන්න දුන්න එළිය මා මව්නි පෙම්බරා.....// මුණුබුරන් ලැබුවත් නුඹ මට තවම ඒ මලයි මා ළඟ උදෑසන පිපෙයි හඳ දහක් පෑයුවත් අම්මා එදා දුටු සඳත් මා සිත් අකාහේ තිබේ....... (කුමරි සඳසරා මව්නි පෙම්බරා.....//) මලට සුවඳ......// ලොව කිරුළු පැළඳුවත් මට රන් කිරුල මගේ දුවයි නුඹ ළඟ සෝ තැවුල් නිවෙයි සුර ලොවෙහි ආදරෙන් පිය රජ අප දිහා බලයි ඒ නෙත් සදා අප සඳයි (කුමරි සඳසරා මව්නි පෙම්බරා.....//) මලට සුවඳ......//