Home/Songs/නැදුන් ගමුවේ රාජා

නැදුන් ගමුවේ රාජා

Nadun Gamuwe Raja

Music: සුනිල් ධර්මසේන Lyrics: මොහාන් සුමනසේන
Font size:
සද්ධන්ත කුලේ ඇත් රජු රාජා 
නැදුන් ගමුවේ ඇති දැඩි වූයේ
ධර්ම විජය වෙදගුරු සෙවනේ
සෙනෙහස රැකවරණය ලැබුවේ
ඇත් රජෙකුට පිරිපුන් අභිමානය
තෙද බල පැතිරූ ලක් දෙරණේ
නැදුන් ගමුවේ රාජා යන නාමය
ඇත්රජු ඔබ හට පට බැඳුනේ....

පාගමනින් නුවරට යන සැම විට
දෙනෝදහක් ලක් වැසියන්ගෙන් 
ඇත් රජු ඔබ හට ලැබුණා බුහුමන්
අඩුවක් නොමැතිව සැම වේලේ
පෙරහැර ඇඳුමින් ඔබ සරසන විට
ඔබ ඉවසා සිටියා නොසැලී
දළදා සමිඳුන් වැඩම කරන විට 
පාවඩ අතුරන තුරු සිටියේ.....

දළදා සමිඳුන් වැඩම කිරීමට 
ඇත්රජු නිරතුරු පිට දුන්නේ
ඔබ පැමිණෙන විට කරඬුව සමගින්
නැගේ සාධු නද දස දෙසිනේ
දළදා කරඬුව වැඩම කරන විට
තේජස පාමින් පය තැබුවේ
දැයට වස්තුවකි ඇත්රජු රාජා
ලක් මෑනිට අභිමානයකි......

සද්ධන්ත කුලේ ඇත් රජු......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.