Home/Songs/සරත් සඳේ

සරත් සඳේ

Sarath Sande

Music: රංග දසනායක Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
චිත්‍රපටය: Julia (2009)

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න 
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුනන්න 
වරා මලින් මලට මල් වියන් තනා ගන්න 
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න 

හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී 
සිතුම් සියොතුන් ඉගිල්ලේවි 
ඔබේ දෙනුවන් වහා දැල්වි 
මාගේ දෙනුවන් පුරා විහිදේ 

ගිම්හානේ ගිනි දැල්ල ආවත් කමක් නෑ 
අපට බාධා නොදී 
උන්මාද මිහිදුමට නොයනා තැනක් නෑ 
රැඳෙයි අප තුරුලේ 

සීතලේ උණුසුම ඇති මේ තරම් 
දරාගන්න හිත හයිය නම් 
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් 
අපගේම යහනට සිහින හේදාවකි

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ 
අපට අප සෙවණකි 
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ 
අපට අප පමණකි

සීතලේ උණුසුම ඇති මේ තරම් 
දරාගන්න හිත හයිය නම් 
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම් 
අපගේම යහනට සිහින හේදාවකි

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න 
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුනන්න 
වරා මලින් මලට මල් වියන් තනා ගන්න 
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න 

(හැඟුම් විහඟුන් තුරුල් වෙද්දී 
සිතුම් සියොතුන් ඉගිල්ලේවි 
ඔබේ දෙනුවන් වහා දැල්වි 
මාගේ දෙනුවන් පුරා විහිදේ...//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.