Home/Songs/නොපැතුව මොහොතක​

නොපැතුව මොහොතක​

Nopathuwa Mohothaka

Music: මිලින්ද සදරුවන් Lyrics: සජිත් චතුරංග
Font size:
හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස
මොන දේ උනත් අනාගතේදි අපට
(මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න)…//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප
නොපැතුව මොහොතක සමු අරගන්නද…

අත් නොහැරී යමු කියලා – දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා – (බොහොම දුරයි අපි දෙදෙනා)..//

හිතුවේ නැති මොහොතක මා – තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා – (මතක තියෙයි ඔබව සදා)…//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන....

හිත පාරනා කතා එපා කියන්න....

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.