නිල්වන් ජලාසේ
Nil Wan Jalase
Music: සජිත් රාජපක්‍ෂ Lyrics: විකුම් ශ්‍රී
Font size:
(නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ කිමිදෙන්න පීනා හදවිලේහි මාගේ......//) සඳකැන් වැටිලා පෙම්වන්ත යායේ නැළවෙන්න ඕනා තුරුලේ ඔයාගේ නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ...... සවනෙතට මාගේ මුමුණන්න ප්‍රේමියේ පෙම් ගී පද වැල් ගොතා සංසාර ගමනේ පියඹන්න මා හා නොම යන්න තිනකර දමා තරු දිලෙන මේ සොඳුරු යාමේ අපි පතමු පෙම් ප්‍රාර්ථනා නිල්වන් ජලාසේ දිය රැල් සිනාසේ...... සමනල් පියාපත් ලැබුණා වගේ මට දැනුණේ මගේ රත්තරන් පවනක් වෙලා මා එන්නම් බැඳිලා ඔබ යනෙන මං පෙත් පුරා භවයෙන් භවේ මාගේ වේවා පතනෙමි නිශා යාමයේ...... නිල්වන් ජලාසේ.......