Home/Songs/සහසක් පැතුමන්

සහසක් පැතුමන්

Sahasak Pathuman

Font size:
සහසක් පැතුමන් නැත මා පැතුවේ
එකම පැතුම පමණයි සිත රැඳුණේ
හද අඹරෙහි අඩ සඳ වැනි නෑනේ
මතකද සිරි දළදා වැන්දා

ඇස කඳුළැලි මෙන් ඉස පිණි බිංදූ
පිරිසිඳු නා මල  දෝතෙහි රැන්දූ
සිතුමන් පැතුමන් කඳුළට හරවා
මතකයි ඔබ පාමුල වැටුණා

පුදසුන අහිමිව හද මල තැවුණා
මතකය නැත අමතක වූයේ
මගෙ මේ නෙත් දෙක හඬවා රිදවා
ඔබ හැඬුවා මට නෑ ඇසුනේ

අහිමි සැපත මිහිරි සිත පුරවා
තැවෙමු හඩමු මේ භවය පුරා
මතු භවයෙත් මගෙ නෑනා වෙනු මැන
අදට වඩා අනුකම්පාවෙන්


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.