මුතු මැණිකේ උදේ රැයින්
Muthu Manike Ude Rayin
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
(මුතු මැණිකේ උදේ රැයින් මුතු පොටසේ හිනා වෙයන් හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ පුර පෝදා හඳ වාගේ හිනාවෙයන් ළඳ මාගේ මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..// (පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඔප වැටිලා හේනේ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ රණ මොණරෝ රණ මොණරෝ හනික වරෙන් මගෙ මිතුරෝ මුතු මැණිකේ හිනාවෙයන්කෝ)..// (පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ අන්න බලන් නුඹ සොයාන පියා සරන්නේ මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා රහසේ මට බහක් කියන්නේ)..//