Font size:
අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි මේ ගීය ගයන්නේ හමු වී වෙන් වී මැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේ ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ මේ ගීය ගයන්නේ...... සොරාගත් මතකයන් තියා ඉනු දුරකින් හදින් නැගෙන ආදරේ නටඹුන් කුරුටු ගා රුධිරෙන් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි මේ ගීය ගයන්නේ...... ශිතල කඳුලකින් ලියා ළය රහසක් අප අපම වුණු අනන්ත නිමේෂයන් විඳ දරා හදවතින් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි මේ ගීය ගයන්නේ......