මාමේ අපෙ කළු මාමේ
Mame Ape Kalu Mame
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ // බුලත් කොරටුවේ වැට දැන් දිරාලා බැලුවේ නැද්ද ඒ ගැන ඔබ සොයාලා // එක ළගින් සිටවලා ඉණි පැල අලුත් කරවලා එහි පැල බුලත් කොරටුවක් නැතුවද වවන්නේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ // මංගො නැන්ද ගැන ඔහු නැහැ සොයන්නේ පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ // එක සිතින් සිත සදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන තමන් ගැන සොයා සැනසෙනවනේ // මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ //
Singers
Data
Last updated May 2026