පෙම් ජවුසන්
Pem Jawsam
Music: ශෙනාල් එම් ටී කේ Lyrics: මුර්ෂාද් හුවායිස් (මූරා)
Font size:
සඳවතී රූ පානා මේ සමයේදී ඔබ හා මා ගංඉවුරේ තනිවූයේ දෙතොලඟ පෙම් කෙළිනා මේ යාමේ උදාවෙන්නේ යලි කවදා සිතුවිල්ලේ ඇගේ තොල් රස තොලගෙන් උදුරයිදෝ මා රහසේ සුළගේ ඔබ කොයිබද හැමුවේ ගගනේ මිණිකිංකිනිනදකින් දෙදරයිදෝ මා සවනේ මේ පෙම්බස් සුන්දර ශාපෙකිදෝ මන්දාරම් එළි වැටෙනා තුරු තුරුලට වෙලි උන්නු නුහුරට පෙම දුන්නූ සුන්දරියේ නාදුනනා සිත කෙලෙසද පිළිසිඳ මේ පෙම රිදෙන්නේ කුළුඳුල් හැඟුමේ පෙම් පින්සැල් පහරකි මා හද හරහට පෙම් ජවුසන් නාඩගමක් රඟාවි හද පෙම්බරා විකටයා වී දුෂ්ටයා වුන පෙමක සිරවුනි මා හැම චරිතෙක ඇගේ තොල් රස.... මන්දාරම් එළි වැටෙනා.... බ්‍රමචාර වනචර අතර හය හතර නොදැන මා කොතැනද අතරමං වූ අහිංසක සුරගන යහනෙදී එඩිතර බිඳ පරතර මා රළු හදට ලංවූ මුරණ්ඩුකමට දඩබ්බර මා සිතට මුල් වරට ගෝචර පෙම් සුව කුළුඳුල් දඩයක්කරු මමද තුවක්කුව අතැති මුවැත්තිය නුඹද සිරික්කිය සැරසී ජවනිකාව කොහෙන්ද කෙලවර අහවර තිරය වහන කල මම නුඹට ගොදුරද සත්තකින්ම මල් පෙත්තකින්ද හදවත මගේ කැපුනේ කීතු කීතු නුඹේ අනසකට දැනුනු වෙනසකට මනස පහසකට ලොල් වී රහසකට දැවෙන ගින්නට පිදුරු දැමූ මන්දාරම් එළිය වැටෙන තුරු බිඳ බිඳ මා සකල සෙනෙහේ අනවසරෙන් කරගෙන නුඹගේ සෛලෙන් සෛලේ හැම රුධිරානුවේ ලියවෙච්ච විෂකුරු වූ ආදරේ මන්දාරම් එළි වැටෙනා....