Home/Songs/පණ පලයන් ලබන සුමා⁣නේ (කෝන් ග⁣හේ)

පණ පලයන් ලබන සුමා⁣නේ (කෝන් ග⁣හේ)

Pana Palayan Labana Sumane (Koon Gahe)

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ජෝජ් ලෙස්ලි රණසිංහ
Font size:
පණ පලයන් ලබන සුමා⁣නේ
ඔ⁣හෙ පලයන් ම⁣⁣ගේ පරා⁣ණේ
කපල කපල කකුල කැපිල 
මේව දැකල අපට වැදිල
⁣⁣(කො⁣හෙ යනවද ⁣මේ මරගා⁣තේ...//)

(සිග්නල් එක වැටිලා නැතිව 
රතු එළියක් ඈත එනව...//)
(⁣කෝන් ග⁣හේ....///)
⁣(කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ...//)

පණ පලයන්...

(උකු⁣ලෙ ඉඳල නැලවි නැලවි
කරන මුකුළු නවතාපන්...//)
ම⁣ගේ ⁣හොද්ද ⁣බොර කරන්න 
වෙන දාකට කල් දාපන්
(⁣කෝන් ග⁣හේ....///)
(⁣කෝන් ග⁣හේ වට පා⁣රින් ඕං එ⁣නෝ...//)

පණ පලයන්...

(හැංගි හැංගි ⁣කොයි කවුරුත් ‍‍
පාර්ක් එ⁣කේ සරණ පතා...//)
කට ඇත්නම් ගහක් ගා⁣නෙ 
කියල ⁣දේවි පුදුම කතා
(⁣කෝන් ග⁣හේ....///)
⁣(කෝන් ග⁣⁣හේ වට පාරින් ඕං එ⁣නෝ...//)

පණ පලයන්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.