Font size:
මින්දදයෝ ඇවිදින් අහපන් රුක්අත්තන මලකින් ගෙදරට කිව්වා මං එනවද ඔය මල් දුන්න අරන් අද හෙට මින්දදයෝ...// බක්මී මල් පිපිලා සුවඳට සඳ ගෙට පායනවා... වැවේ නෙළුම් පිරිලා නිල්දිය දොළේ හිනා වෙනවා... යන එන කල් ඉඳලා මං ගැන බඹරු කතා වෙනවා... මින්දදයෝ ඇවිදින් අහපන් රුක්අත්තන මලකින් ගෙදරට කිව්වා මං එනවද ඔය මල් දුන්න අරන් අද හෙට මින්දදයෝ... නා දලුවල හැපිලා මඳනළ වැට ළඟ කැරකෙනවා... ගොයමට පිනි වැටිලා මුතු ඉර එළියට දිලිසෙනවා යන එන කල් ඉඳලා මං ගැන බඹරු කතා වෙනවා... මින්දදයෝ ඇවිදින් අහපන් රුක්අත්තන මලකින් ගෙදරට කිව්වා මං එනවද ඔය මල් දුන්න අරන් අද හෙට මින්දදයෝ....
Singers
Data
Last updated May 2026