Home/Songs/උදාවෙන්න මේ රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ

Udawenna Me Rathriye

Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
උදාවෙන්න මේ රාත්‍රියේ 
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ...

උයනේ පීදී සුවඳින් නෑවී//
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ...

උදාවෙන්න මේ රාත්රිියේ...

දියඹේ බිහි වී වෙරළේ මියැදී//
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ...

උදාවෙන්න මේ රාත්‍රියේ...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.