පැහැසර ඔබෙ ආදරේ
Pahasara Obe Adare
Music: තුසිත් නිරෝෂණ Lyrics: සජිත් දිල්පහන්
Font size:
මන්දාරම් වැහි පොද හිරිකඩ මගේ සියොලඟ රන්දාලා උන් අප ආ ගිය මග වග තොට මතක අගුළු හැරදාලා වාවන්නට බැරි තැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරේ ගලා ගිය උණු කඳුලැලි වියළි දෙතොල් මත වැටුණා....... පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ...... මැලවුණු මගේ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න, ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියා දී යන්න උමතුව හද විලාප දෙන හඬ අහගෙන ඉන්න බිඳකට ඇවිදින් මගේ ලය මත ඔය සවන තියන්න....... පැහැසර ඔබෙ ආදරේ... /